Oct 13, 2020

පකිස්ථානයෙන් බාස්මතී ගෙන්නන්න කැබිනට් අනුමැතිය

පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ බව සඳහන් කළේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය. 

පකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ එම සහල් තොගය ආනයනය කිරීමට නියමිතව ඇත.

සම කැබිනට් ප්‍රකාශවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top