Oct 15, 2020

තවත් ආසාදිතයින් 49ක්

කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,770 කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top