Oct 15, 2020

පොඩි ලැසීව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

මරණ තර්ජන එල්ල කිරිම නඩුවේ දෙවැනි විත්තිකරුලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දින 90ක්  රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තු මගින් කළ ඉල්ලිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල මහතා අවසර ලබා දුන්නේය.

ඒ ඔහු අද (15) අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.  

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කල බවටද පොඩි ලැසීට චෝදනා පවතියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top