Oct 16, 2020

බ්‍රැන්ඩික්ස් පොකුර 1789ක් දක්වා විශාල වෙයි !

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හල ආශ්‍රිත Covid-19 පොකුරට අද (15) රාත්‍රියේදී (9.30 වන විට) තවත් ආසාදිතයන් 19 දෙනෙක් එක් වී තිබේ.

එම ආසාදිතයින් 19 ‍දෙනාගෙන් 9 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද, 10 දෙනෙකු ආශ්‍රිතයින් අතරින්ද වාර්තා වී ති‍බේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1789 දක්වා ඉහල ගොස් ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top