Oct 16, 2020

අනුරාධපුරයේ සඟවා තිබූ වී කිලෝ ලක්ෂ ගණනක් මාට්ටු වෙයි

අතරමැදියන් විසින් ගබඩා කර ඇති වී තොග සොයා ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැටලීම්වලදී අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ගබඩා කර තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (15) සොයා ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මාස හයකට පෙර මිලදී ගන්නා ලද කීරි සම්බා වී කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මෙහි තිබූ අතර එම වී අඩු මුදලකට මිලදී ගෙන ඇති බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය විය. 

මෙම වී ගබඩාව අසල වී සහල් කිරීමේ සංකීර්ණයක්ද ඇති අතර එය 2017 වර්ෂයේ ලියාපදිංචි කර තිබේ. 

එම ස්ථානයේ වී සහල් කරන බව පවසා මෙලෙස වී ගබඩා කර ඇති බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top