Pasidol
Sathosa Ad Final Sinhala
Feb 20, 2017

MAX නිසා බෑණා එක්ක රාමනායක පවුලේ ගැටුමක් Featured

මහින්ද රාමනායක මහතාගේ බෑණා වන රුවන් එදිරිසිංහ විසින් මැක්ස් රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවන් රහසේ විකුණා දැමීමට යාමෙන් රාමනායක පවුලේ ගැටුමක් ඇතිව ඇතැයි වාර්තා වේ.
 
IMG 4532අදාළ නාලිකාවන් රුවන් විකුණා දැමීමට ගොස් ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝසියස්ටය.
 
රුවන් විසින් එම නාලිකාව විකිණීමට යන පුද්ගලයා මහින්ද රාමනායකට ද හෙළිකර නොමැති අතර එය හෙළිවීමෙන් පසුව මේ ගැටුම ඇතිව ඇති බව පැවසේ.
 
කෙසේවුවද, රුවන් අදාළ නාලිකාව ඇලෝසියස්ට විකිණීමට ගොස් ඇත්තේ එම ගනුදෙනුව හරහා ලැබෙන විශාල කොමිස් මුදලක් නිසා බවද වාර්තා වේ.
 
නාලිකාවන් විකිණීමට මහින්ද රාමනායක මහතාගේ වැඩිමහල් පුත් ජනක රාමනායක මහතා විරෝධය දක්වා ඇති අතර අදාළ නාලිකාවන් හි වැඩි අයිතියක් සතුවන්නේ ඔහුට බවද පැවසේ.
 
මැක්ස් රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවන් වල වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේද ජනක රාමනායක මහතාය.
 
රුවන් ජනකගේ සොයුරිය වන චතුරි රාමනායකගේ සැමියා වන අතර රුවන් මේවන විට ජනාධිපතිවරයාගේ උත්සව සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව කටයුතු කරනු ලබයි.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top