Oct 16, 2020

රමේෂ් හා කෙහෙළියගේ මාධ්‍ය හමුවේ සිටි ITN මාධවේදියකුට කොරෝනා! Featured

ස්වාධීන රූපවාහිනියේ කැමරා ශිල්පියකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි සැකයක් මතුව ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, ආදාළ මාධ්‍යවේදියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවට ද එක්ව සිට ඇත.

මේ අතර, රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඔහු සම්බන්ධයෙන් තව දුරටත් සෞඛ අංශ පරීක්ෂණ සිදුකරන බවයි.

එම තත්ත්වය හේතුවෙන් රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව එම මාධ්‍ය හමුවට සහභාගිවූ සියළු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත තොරතුරු ලබාදී ඇති බවත්,සෞඛ්‍ය උපදෙස හා මගපෙන්වීම් සෞක්‍ය අංශ විසින් එම මාධ්‍ය වේදීන් වෙත කඩිනමින් ලබා දෙන බවත්  අදාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ හා කෙහෙළිය රඹුක්වැල්ල යන දෙදෙනාට ද මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි.
ඔවුන්ට ද ආරක්ෂිත සෞඛ්‍ය විධිවිධාන අනුව කටයුතු කරන ලෙස දන්වා ඇති බව පැවසේ.

මිනුවන්ගොඩ පැවැති ස්වාධීන රූපවාහිනියේ ළමා වැඩසටහනකට සහභාගිවූ පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකරන අතර මෙම මාධ්‍යවේදියා ඔහුට උණ පැවැති බව කියමින් ස්වෙච්ඡාවෙන්ම PCR පරීක්ෂණයක් සිදුකර ගැනීම නිසා ඔහුට Covid -19 ආසාදනය වී ඇති බවට පළමු පරීක්ෂණයෙන් නිර්ණය වී ඇති බව වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වේ.

KeheliyaPR 670px 20 10 16

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top