Oct 17, 2020

යෝෂිත අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී තැනට: පළමු සුබ පැතුම චීන තානාපතිගෙන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ධූරයට පත්කර තිබේ.

මේ පත් කිරීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකර ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ නිලධාරියෙකි.

මේ අතර, යෝෂිත රාජපක්ෂ මහතාගේ පත්වීමට මුලින්ම සුභ පතුම් එක්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා විසිනි.

ඔහු ඊයේ (16) පස්වරුවේ ට්විටර් පනිවුඩයක් මගින් යෝෂිත මහතාට සුබ පැතුම් එක්කර තිබිණි.

චීන තානාපතිවරයා යෝෂිතට සුබ පැතුම් එක්කරන තුරුම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මේ පුවත දැන නොසිටි බවද මේ අතර මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top