Oct 17, 2020

මැන්න පොල් කිරන්න ලෑස්ති වෙයි! Featured

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කිරීම වෙනුවට එහි බර අනුව මිල තීරණය කිරීමේ ක්‍රමයකට යාම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

පොල් ගෙඩියේ බර ප්‍රමාණය අනුව මිල තීරණය කිරීමේ ක්‍රමයක් පිළිබඳ නිර්ණායක සකස් කිරීමට මේ දිනවල සාකච්ඡා අරඹා ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සැලසුම් සංවර්ධන අධ්‍යක්ෂ පී. එදිරිමාන්න මහතා මාධ්‍යට පවසා තිබේ.

මේ ක්‍රමයට පොල් මිල තීරණය කිරීමෙන් වගාකරුවාට, වෙළෙන්ඳාට සහ අතරමැදියාට මෙන්ම පාරිභෝගිකයාට ද යම් සාධාරණයක් ඉටුවන බව ඔහුගේ අදහසය.

දැනටමත් හම්බන්තොට, මාතර හා ඇඹිලිපිටිය යන ප්‍රදේශවල කර්මාන්තශාලාවලට පොල් මිලට ගන්නේ බර අනුවය.

බර අනුව ගෙඩියේ මිල තීරණය කිරීම අපේ රටේ පෙර සිට පැවතගෙන එන ක්‍රමයක් බව අධ්‍යක්ෂවරයා පවසයි. මේ ක්‍රමයට සාර්ථකව මිල පාලනය කළ හැකිය යන්න ඔහු ප්‍රකාශ කරයි.

අදාළ ක්‍රමයට පොල් මිල නියම කරන ක්‍රමයක් පිළිබඳ පාරිභෝගික අධිකාරිය දැනුවත් නැතැතැයිද මේ අතර වාර්තා වේ.

එවැනි ක්‍රමයක් හඳුන්වා දෙනවා නම් තීරණ ගත යුත්තේ පාරිභෝගික සේවා අධිකාරිය වන නමුත් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නැති බවත් කවුරුන් කුමන ක්‍රමයක් යෝජනා කළත් එය ගැසට් කළ යුත්තේ පාරිභෝගික සේවා අධිකාරිය බවත් එහි ප්‍රකාශකයකු කියා සිටියේය.

සබැඳි පුවත්
ඇපල් වගේ ද පොල්

පොල් තෙල් මිල නග්ගන්න කැමැති ඇමැත්තා!

පොල්තෙල් ගැසට්ටුවේ හිලක්: පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 240,000ක් ලංකාවට

පොල් මිල බස්සන්න රටින් පොල් තෙල් එයි

වට පොල් 13ට වැඩි 70යි : 12-13, 65යි : 12ට අඩු 60යි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top