Oct 17, 2020

CIDයට අලුත් ලොක්කෙක්: හිටපු ලොක්කා වැඩකළේ මාස 4යි

Update - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

හිටපු අධ්‍යක්ෂ ඒ ආර්.පී.ජේ.ද අල්විස් මහතාව, ත්‍රස්ත මර්ධන කොට්ටාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර යවා තිබේ.  

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථානමාරු කිරීම් සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව එම මූලස්ථානය පවසයි.

මීට අමතරව මානව සම්පත් කළමනාකරණ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මානව සම්පත් කළමනාකරණ බඳවා ගැනීම්, විනය හා ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබේ. 

කෙසේවුවද, හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා අදාළ තනතුරට පත්කරනු ලැබුවේ සේවා අවශ්‍යතා මත පසුගිය මැයි 22 වැනිදා වන අතර ඔහුට අදාළ තනතුරේ සිවුමසකට වඩා වැඩි කාලයක් සිටිය නොහැකි විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top