Oct 17, 2020

රජයේ ඉඩම් වල බදු මගහරින සමාගම් වලට නඩු දායි Featured

දීර්ඝ කාලීන බදු පදනම මත ලබා ගෙන ඇති නැගෙනහිර පළාතේ ඉඩම් වල බදු පැහැර හරින සමාගම් සදහා නඩු පැවරීමට කටයුතු කරන බවාද මේ හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමිවී ගොස් ඇති බව වාර්තා වේ.

විවිධ ක්‍රම යටතේ වාර්තා ඉදිරිපත් කරමින් පළාතේ ඉඩම් ලබාගෙන ඇති සමාගම් ඒවායේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකර රජයේ බදු ගෙවිම් ද පැහැර හරිමින් සිටින බවද පැවසේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවද නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 200ක් පමණ මෙසේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාගෙන රජයට අයවිය යුතු රුපියල් මිලියන 230ක බදු මුදලක් ගෙවීම පැහැර හරිමින් සිටියි.

මේ අතර මහවැලි අධිකාරිය විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැලි කැණිම් සදහා ලබා දි ඇති බලපත්‍ර නිසා මහවැලි ගගට විශාල හානියක් සිදු වෙමින් තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top