Oct 17, 2020

PCR යන්ත්‍ර 7 සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් නිදහස්කරගෙන නෑ Featured

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙන්වන ලද පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර 7ක් මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යංශයට නිදහස් කර ගැනීමට නොහැකිව ඇතැයි වාර්තා වේ.

පී.සී.ආර්. පරීක්ෂණ දෛනික ධාරිතාවය 7500 දක්වා වැඩි කිරීම සඳහා මේ යන්ත්‍ර ගෙන්වා තිබේ.

කෙසේවුවද, සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනාවරණය කරන්නේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතු පී.සී.ආර්. යන්ත්‍ර සවිකර ඇති රසායනාගාර 20 තුළ දෛනිකව පරීක්ෂණ 10000ක් සිදු කළ හැකි බවයි.

වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී සිදු කළ හැකි අතර එම සංඛ්‍යාව 1000ක් බව වාර්තා වේ.

තත්ත්වය එසේවුවද මේ විට දෛනිකව සිදු කරන්නේ පරීක්ෂණ 3,894ක් බව පැවසේ.

මේ යන්ත්‍ර ගෙනවිත් ඇත්තේ ප්‍රසම්පාදන කටයුතු අවසන් කරීමෙන් පසුව බවද වාර්තා වේ.

එම යන්ත්‍ර කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top