Oct 17, 2020

මධුෂ්ගේ ඔත්තුවකට කුඩු කිලෝ 10ක් සොයාගනියි

කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව මෙය සොයාගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ (16) රැගෙන ආ බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top