Oct 18, 2020

කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භය පිටරටක් බව හමුදාපති හෙළිකරයි

මෙරට සමාජයේ කොවිඩ් නොතිබුණ බවත්, කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් වියයුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

අද (18) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ "කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවයේ අවසාන සොයා ගැනීම තිබුණේ අගෝස්තු මාසයේ. ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශය ගත්තත් සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා හිටියේ අප්‍රේල් මාසේ 30වැනි දා. විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලුවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ." යනුවෙනි.

කොවිඩ් දෙවැනි රැල්ල පිටරටින් ආ එකක් - යුදහමුදාපති from SRI LANKA MIRROR on Vimeo.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top