Oct 18, 2020

කුලියාපිටිය රෝහලේ දොස්තරලා 14ක් නිරෝධායනයට Featured

Covid-19 ආසාදනය වූ කාන්තාවක් රෝහලින් හඳුනා ගැනීමත් සමඟ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 53 ක් නිරෝධායනයට යොමු කර තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ, අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින්නැයි ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top