Oct 19, 2020

දෙවැනි පදවි ප්‍රාප්තියට පෙර නව ව්‍යවස්ථාවක් ගේන බව ජනපති කියයි Featured

තමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියට පෙර අංග සම්පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව පවසා ඇත්තේ “සතිඅග අරුණ” පුවත්පතටය.

එක රටක් - එක නීතියක් එහි පදනම වන අතර ස්ථාවර නොබෙදූ රටක් ගොඩනැගීම තම අරමුණ වන බව ජනාධිපතිවරයා පැවසූ බව එහි දැක්වේ.

හැටනව ලක්ෂයක ජනතාව ඡන්දය ප්‍රකාශ කර බලය ලබා දුන්නේ අරාජිකත්වය පිටුදකින නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේයැයිද පැවසේ.

වර්ථමාන ආණ්ක්‍රම ව්‍යවස්ථාව සිදුකර තිබෙන ව්‍යාකූලත්වය පිටුදකිමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වයේ තබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් ඉදිරිපත් කරන බව ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදී ඇත්තේ 2021 නොවැම්බර් 21 වැනිදාටය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මේ වන විටත් පත්කර සිටින ව්‍යවස්ථා සම්පාදක කමිටුවට උපදෙස් ලබා දී ඇතැයි ද එම පුවත්පත කියා සිටී.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව වෙත පිළිගන්වන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ප්‍රතිඥාව ඉටුකිරීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වී ඇති බවද එහි දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top