Oct 19, 2020

තවත් Covid-19 ආසාදිතයන් 40ක් (update)

Update - Covid-19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 40ක් දිවුලපිටිය පොකුර ආශ්‍රිතව අද දිනයේදී (19) වාර්තා වී තිබේ.

ඉන් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 21දෙනා සමීප ආශ්‍රිතයින් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව, මේ වන විට මිනුවන්ගොඩ පොකුර 2,162 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර අද දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් පිරිස 87කි.

-------------- අවසන් යවත්කාලීන කිරීම -  සඳුදා, 19 ඔක්තෝම්බර් 2020 14:05 --------------

තවත් Covid-19 ආසාදිතයන් 47ක්

Covid-19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 47ක් දිවුලපිටිය පොකුර ආශ්‍රිතව අද දිනයේදී (19) වාර්තා වී තිබේ.

ඉන් සිවුදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 43දෙනා සමීප ආශ්‍රිතයින් බවද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ අනුව, මේ වන විට මිනුවන්ගොඩ පොකුර 2,122 ක් දක්වා වර්ධනය වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top