Oct 19, 2020

මාස් සේවකයින් පිරිසකටත් කොරෝනා

ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හල් ජාලයක් වන මාස් හෝල්ඩිංග්ස් හි සේවකයින් කිහිප දෙනෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම සඳහන් කරයි.

තම ආයතනික මට්ටමින් සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්සාව උපරිම ලෙස යොදවා තිබුණ නමුත් මිනුවන්ගොඩ ආශ්‍රිතයින් හා සමීප ඇසුරක් පැවති සේවකයින් කිහිප දෙනෙකුට බෝවීමෙන් තම කම්හලේ කොරෝනා වෛරසය පැතිරෙමින් ඇති බව ඔවුන් දන්වා තිබේ.

මේ වනවිට සැකසහිත සේවකයිනගේ පීසීආර් පරීක්ෂණ කර ඇති බවත් පසුගිය 4 වැනිදා සිට රෝග වාර්තාවූ ස්ථාන වසා දමා ඇති බවත් දන්වා ඇත.

එම සමාගම නිකුත් කර ඇති නිවේදනය පහතින් දැකවේ.

Mass1 670px 20 10 19

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top