Oct 19, 2020

රිෂාඩ් 27දා දක්වා රිමාන්ඩ් Featured

අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ලබන 27 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (19) නියෝග කර තිබේ.

අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුන බදියුදීන් මන්ත්‍රීවරයා අද පස්වරුවේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුණි.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම හදිසියේ සිදුවුවක් නොවන බව නීතිපතිවරයා සඳහන් කරයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කරමින් පවසා සිටියේ, “විශේෂයෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම ගරු නීතිපතිතුමාගේ ලිඛිත උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ වැඩබලන පොලිස්පතිවරයාට ලබා දීමට පැය 24කට පෙර නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඔවුන්ට වාචිකව උපදෙස් ලබා දීමක් සිදුකළා. එම වාචික උපදෙස් ලබා දීමේ දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙර සුදානමක් වශයෙන් රිෂාඩ් බදියුදින් පිළිබඳව නිසිපරිදි සුදුසු අවේශනයක් සිදුකර පරීක්ෂාවෙන් හා සෝදිසියෙන් සිටින ලෙසට එම ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පැය 24 කට පෙර නීතිපතිවරයා විසින් සිදුකළා. ඉන්පසුවයි මෙම ලිඛිත උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව පෙර සුදානමක් ලෙස නීතිපතිවරයා විසින් ලබා දෙන ලද වාචික උපදෙස් පිළිඅරගෙන හරි ආකාරව ආවේක්ශන රාජකාරී කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළා නම් මෙම රිෂාඩ් බදියුදීන්ට පළායෑමට හැකියාවක් ඇති වන්නේ නැහැයි කියන එක මේ අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටිනවා.“යනුවෙනි.

සබැඳි පුවත් :
රිෂාඩ්ට රැකවරණය දුන් 7ක් අත්අඩංගුවට

CIDය දෙහිවලදී අල්ලාගත් බදියුදීන් අදම අධිකරණයට

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top