Oct 19, 2020

20ට සංශෝධන තුනක්!

20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට අදාළව තවත් සංශෝධන තුනක් සිදු කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා තිබේ.

Reverse20 Screenshot 2020 10 19 at 22.05.51මෙම තීරණය අද (19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් බව ඔහු සඳහන් කර ඇත.

20 පස්සට ජනමතය ඉදිරියට ; කරූගෙන් අන්තර්ජාල පෙත්සමක්
මේ අතර, 20 වැනි සංශෝධනය හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ට්විටර් පණිවිඩයක් ඔස්සේ පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ඔහු විසින් '20 පස්සට ජනමතය ඉදිරියට' යනුවෙන් නම් කර ඇති පෙත්සම Change.org වෙබ් අඩවියේ පළ කර තිබේ.

ඔන්ලයින් පෙත්සම මෙතනින්.

යළි සලකා බලන්න - දොළවත්ත

මේ අතර, ජනපතිවරයා හා අගමැතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රේමනාත් සී. දොළවත්ත මහතා ද ඉල්ලා තිබුණේ 20වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි.

අමාත්‍යධූර සංඛ්‍යාව වැඩිකිරීම, විගණනය සම්බන්ධයෙන් රජයේ ආයතන ඉවත් කිරීම හා හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම එම කරුණු වේ.

තවද, ද්විත්ව පුරවැසිභාවය මෙන්ම අතිගරු භික්ෂූන් වහන්සේලා, අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව වලින් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳව අවධානය යොමුකරන මෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

 

Dolawatta 002

Dolawatta 001

අත්තනෝමතිකව වැඩ කළොත් ජනතා අප්‍රසාදයක් එල්ලවෙයි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින් "හෙළ බොදු සවිය" සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

ගැසට් කර ප්‍රකාශයට පත් කර ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ ශාසනික හා සමාජ මෙහෙවරේ විවිධාකාරයෙන් කැපවී සිටින භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසාදය මේවන විටත් පළ වී තිබෙන බවද උන්වහන්සේ එම ලිපියේ සඳහන් කරති.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදි ජනනායකයා වශයෙන් එකී අදහස් පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුකළ යුතු බවද උන්වහන්සේ එම ලිපියෙන් දන්වා සිටිති.

බලයට පැමිණීමෙන් අනතුරුව රුවන්වැලිසෑය අභියසදී මෙන්ම රාජාසන කතාවේදී ජනපතිවරයා සිදුකළ කතාවලදීත් "තමා කෙරෙහි විශ්වාසය තමා රටේ නායකත්වයට පත්කළ මහා සංඝරත්නයටද සිංහල බෞද්ධ ජනතාවටද අනුයෝගීව හා අනුගතව ක්‍රියා කරන බවට තබන ලද ප්‍රතිඥාව" සිහිපත් කරන බවද උන්වහන්සේ ගේ ලිපියේ දැක්වේ.

"එම ප්‍රතිඥාවටද පටහැනි අයුරින් අත්තනෝමතික ව ක්‍රියා කළහොත් ඒ මගින් ඔබතුමා කෙරෙහි බලවත් ජනතා අප්‍රසාදයක් එල්ලවනු ඇති බවද නිසැක කරුණක් බවද," එහි වැඩිදුරටත් දැක්වේ.

Hela bodu saviya letter

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top