Oct 20, 2020

රිවස් ගස්සා සිරකරුවන් වැලිකඩින් පනින්න කුමන්ත්‍රණයක් Featured

වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිකර ඉන් පලායාම සඳහා රැඳවූවන් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බව බන්ධනාගාර බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින ඉන්දික නමැත්තකු මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන සැලසුම්කරු වන අතර අසංක, රොෂාන්, ගාල්ලගේ, සාගර නමැති රැඳවූවන් පිරිසක්ද මෙයට හවුල්වී ඇති බව වාර්තා වේ.

‘රිවස්’ නමින් හඳුන්වන මත්ද්‍රව්‍යයක් රැඳවූවන්ට ලබාදී සිහි විකල් තත්ත්වයට පත්කර මෙලෙස කැරැල්ලක් ඇති කිරීම මෙම පිරිසගේ සැලසුම වී ඇතැයි පැවසේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 4049ක් සිටින අතර චැපල් අංශයේ පමණක් 2400 දෙනකු සිටියි.

කැරැල්ලක් ඇතිකිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවර්ණය වී තිබෙන බවත් එය විමර්ශනයට පියවර ගන්නා බවත් එසේම නව ආරක්ෂක සැලැස්මක් යටතේ ආරක්ෂාව තර කිරීමටත් පියවර ගෙන තිබෙන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මූලාශ‍්‍රය - අරුණ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top