Oct 20, 2020

රිෂාඩ්ගේ පෙත්සම කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 06 වැනිදා කැඳවන ලෙස කුමුදුනි වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (20) නියම කළේය.

එහිදී පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාට මේ ආකාරයෙන් උපදෙස් ලබා දීමට බලයක් නොමැති බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් තම සේවාදායකයා මේවන විට අත්අඩංගුවට පත්ව සිටින අතර මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන කරුණ පිළිබඳව මෙතෙක් තමන්ට උපදෙස් ලැබී නොමැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top