Oct 20, 2020

තවත් කොවිඩ් ආසාදිතයින් 120ක් (update) Featured

මිනුවන්ගොඩ කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයන් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන්ගෙන් 37දෙනෙකු මේ වන විට නිරෝධායනයේ පසුවන ඇඟලුම් කම්හල් සේවකයින් හා ආශ්‍රිතයන් වන අතර අනෙක් 83 දෙනාම තවත් අශ්‍රිතයින් වේ.

මේ අනුව අද දිනයේදී වාර්තා වූ මෙම පොකුරට සම්බන්ධ, සමස්ථ ආසාදිතයන් ගණන 180ක් වන අතර, මෙම පොකුර අද (20) ප.ව. 09.50 වන විට 2,342 දෙනෙකු දක්වා වර්ධනය වී ඇත.

මේ අතර, වසංගත විද්‍යා අංශය විසින් අද ප.ව. 9.55ට පළ කළ නවතම වාර්තාව අනුව අද දිනයේදී මේ වන විට රෝගීන් 186ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 5,811කි.

මේ වන විට රෝගීන් 2,341ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් ගණන 3,457 කි. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 13කි.

----අවසන් යවත්කාලීන කිරීම (Tuesday, 20 October 2020 15:01)

තවත් කොරෝනා ආසාදිතයින් 60ක්

මිනුවන්ගොඩ කොවිඞ් පොකුරෙන් තවත් ආසාධිතයන් 60 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන්ගෙන් 35දෙනෙකු කටුනායක ඇඟලුම් කම්හලක සේවකයින් වන අතර අනෙක් 25දෙනා අශ්‍රිතයින්ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top