Oct 20, 2020

ඥානසාර හිමිට එරෙහි පැමිණිල්ලේ විභාගය පෙබරවාරියට කල්යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වැනිදා කැඳවන ලෙස මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) නියම කළේය.

මෑතක දී ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහනය උත්සවයට අදාළව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල තුළින් චෝදනා එල්ලකර තිබේ.  

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top