Oct 20, 2020

සංචාරකයින්ගේ දත්ත ගබඩා කිරීමට App එකක්

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් නිර්මාණය කර තිබේ.

මෙම පරිගණක යෙදවුම නිර්මාණය කිරීම සදහා සංචාරක සංවර්ධන අධිකාරියට ප්‍රතිපාදන ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වන අතර එය නිර්මාණය කර ඇත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසිනි.

කොවිඩ් වසංගතය තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා විවෘත කිරීමේදී ඔවුන් මෙරටට ගොඩ බැසීමට පෙර සිටම ඔවුන් පිළිබද සියලු තොරතුරු ලබා ගැනීම මෙම නව පරිගණක යෙදවුම හදුන්වා දීමේ අරමුණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මෙන්ම ඔවුන් සංචාරය කරනු ලබන ප්‍රදේශ, ලැගුම්ගන්නා ස්ථාන හා අදාල කාල වකවානු පිළිබද දත්ත ලබා ගැනීම මෙමගින් කටයුතු කෙරේ.

මීට අමතරව මෙරටට පැමිණෙන සංචාරකයන්ට හදිසි අවස්ථාවකදී ඔවුන් නතර වී සිටින ප්‍රදේශයේ සංචාරක පොලීසිය සෘජුවම සම්බන්ධ කර ගැනීමටද මෙමගින් හැකියාව ලැබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top