Oct 20, 2020

ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් Covid-19 රෝගියෙක්

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සේවය කරන පුද්ගලයෙකු හට Covid-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය විසින් එහි ව්‍යාපාර හා කාර්යාලය පවත්වාගෙන යන්නන් වෙත චක්‍රලේඛයක් (Tenant Circular) අද (20) දිනයේදී නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම ආසාදිතයා බටහිර කුළුණේ 32 වැනි මහලේ පිහිටි ඇක්විටි නොලේජ් පාට්නර්ස් ලංකා (පුද්) සමාගමේ සේවකයෙකු බවයි.

එම රෝගියා අවසන් වරට මෙම ගොඩනැගිල්ලට පැමිණ ඇත්තේ ඔක්තෝබර් 08දාය.

මේ වන විට එම කාර්යාලය වසා දමා ඇති බවත්, සම්බන්ධතා සොයා ගැනීම අවසන් කර ඇති බවත්, බලපෑමට ලක් වූ සේවකයා සමඟ සම්බන්ධ වී සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් PCR පරීක්ෂණවලට භාජනය කරන බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.

වැසිකිළි, පොදු ප්‍රදේශ ඇතුළුව මෙම මහල සම්පූර්ණයෙන් විෂබීජහරණය කළ බවත්, ඉදිරියටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව සියළු පූර්වාරක්ෂක පියවර ගන්නා බවත් ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ එම චක්‍රලේඛය පහතින් දැක්වේ.

An employee tested positive for COVID 19

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top