Oct 21, 2020

රංජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව කල්යයි

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල නොවැම්බර් මස 06 වැනිදා යළි කැඳවන ලෙස සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (21) නියම කළේය.

මෙම පැමිණිල්ලට අදාළ සාක්ෂි මෙහෙයවීම සහ වාචික දේශන ඉදිරිපත් කිරීම මේ වන විට අවසන් කර ඇති අතර නඩු විභාගයේ දී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එය අද දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබුණි.

එහෙත් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වන හෙයින් මෙම නඩුවේ ඉදිරි කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top