Oct 21, 2020

මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වැසෙයි Featured

කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ හෙට (22) පෙ.ව. 10.00 සිට එළඹෙන සඳුදා (26) අලුයම 5.00 දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

පොලීසියේ උපදෙස් මත හෙට (22) මෙම තීරණය ගත් බව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය පවසයි.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළ 105 දෙනෙකු අතරින් 46 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග එම මත්ස්‍ය වෙළඳපොලද අද  තාවකාලිකව වසා දමා දැමුණි.

සබැඳි පුවත් :
පෑලියගොඩ මාළු මාර්කට් එක තාවකාලිව වැසෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top