Oct 22, 2020

බි‍්‍රතාන්‍යයේ LTTE තහනම ඉවතට

එක්සත් රාජධානියේ ප්‍රමුඛ අධිකරණයක් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව එරට පනවා තිබූ තහනම වසර 19කට පසුව ඉවත්කර තිබේ.

එල්ටීටීඊය බ්‍රිතාන්‍යය තුළ තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව ඊයේ (21) එක්සත් රාජධානියේ ‘තහනම් සංවිධාන අභියාචන කොමිසම’’ විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊය තහනම් සංවිධානයක් ලෙස නම් කරන ලද්දේ 2001 වර්ෂයේදීය.    

මෙම වසරේ ජූලි 29 සහ 31 යන දිනවලදී එම ඇපෑල සලකා බැලූ විනිසුරුවන් වන එලිසබත් ලයින්ග්, රිචඩ් විටම් සහ පිලිප් නෙල්සන් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

එල්ටීටීඊය ත්‍රස්තවාදයට තවදුරටත් සම්බන්ධ නැති බවත් එය තවදුරටත් තහනම් කිරීම තුළින් දෙමළ ජනතාවගේ කතා කිරීමේ නිදහසට හා රැස්වීමේ නිදහසට බාධාවන බවත් සඳහන් කරමින් තමිල් ඊළාම් අන්තර් ජාතික ධජය (TGTE) නම් සංවිධානයක් විසින් 2019 වර්ෂයේදී මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top