Oct 22, 2020

රිෂාඩ් හා චොකා මල්ලි පාර්ලිමේන්තුවට කැඳවාගෙන එයි

රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හා පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරුන් මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබීය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව නිරෝධායනයට යොමුකර රිමාන්ඩ් කර සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අද (22) පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව දෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් අනුව කථානායකවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලදී.

Rishard Parliment

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top