Oct 22, 2020

20ට සහය දෙනවා - විමල් 

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ නීති ඉවත් කිරීමට විරුද්ධ නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද (22) පැවසීය.

ඔවුන් අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බව සඳහන් කළේය.

ඊයේ සවස පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් මත මේ තීරණය ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට ද්විත්ව පුරවැසි භාවය සුදුසු කමක් නොවන බවට වන වගන්තිය යළි නව ව්‍යවස්ථාවකට ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා සහතික වීම හේතුවෙන් මේ තීරණය ගත් බව කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top