Oct 22, 2020

2/3 ට තවත් 2ක් අඩුවෙයි?: සමරවීර - ලොකුගේ කොරෝනා අවදානමක! Featured

(වීඩියෝ) අමාත්‍යවරුන් දෙදෙනෙකු covid -19 ආසාදනය වීමේ අවදානමක සිටින බව පාර්ලිමේන්තුවේදී හෙළිව තිබේ.

ඊයේ (21) වාචික ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ජයවර්ධනපුර රෝහල් ගතකර ඇති අතර ඔහු සිටි ඇඳට ඇඳන් දෙකක් එහා සිටි රෝගියා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කරුණු දක්වමින් කියා සිටියේ මතුගම ප්‍රදේශයේ හමු වූ කොවිඩ් ආසාදිත බස් හිමියා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ හිතවතකු මෙන්ම ඔහු හමුවී ඇති බවයි. 

ඒ අනුව ඔහු දෙවන පෙළ ආශ්‍රිතයකු බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

20 වැනි සංශෝධනයේ විවාද මේවන විට පැවැත්වෙන අතර, ආණ්ඩු පක්ෂයේ මෙම අමාත්‍යවරුන්ගේ ඡන්දය එය සම්මත කර ගැනීමට ඉතා වැදගත් සාදකයක් වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top