Oct 22, 2020

කහතුඩුව හයිඩ්‍රාමනිය හෙට දක්වා වැසෙයි

කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ සාම්පල් අංශය හැර අනෙකුත් සියලුම අංශ හෙට (23) දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 2100 ක් අතුරින් හාරසිය දෙනෙකුගේ  පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 360 දෙනකුගේ වාර්තා මේ වන විට ලැබී තිබේ.

එහිදී  කිරිවත්තුඩුව තාරකා සේවනේ හා මොරගහහේන තලගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් එක් කාන්තාවක් ඇඟලුම් ආයතයේ හෙද නිලධාරිනිය බව වාර්තා වේ.

මේ අතර සිදුකළ පි..සී.ආර් පරීක්ෂණ 40 ක වාර්තා ලැබීමට නියමිත අතර තවදුරටත් රෝගීන්ගේ සමීපතමයින් 50 දෙනකු තෝරාගෙන හෙට තවදුරටත් පී.සී.ආර් පරීක්ෂණ කිරීමට නියමිත බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top