Oct 22, 2020

අද සවස 6 සිට කොටහේනට ඇඳිරි නීතිය - සමස්ත ආසාදිතයින් ගණන 6000 පන්නයි

අද (22) සවස 6 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

මේ වන විට කොවිඩ්  19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් ආසාදනය වූ තවත් 50ක් හඳුනාගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන් 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් හඳුනාගත් රෝගීන් වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06ක් හා අනෙක් 22 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ය.

ඒ සමගම මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6028ක් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top