Oct 22, 2020

දෙහිවල වෙළඳ සංකීර්ණයත් තාවකාලිකව වසා දැමෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් අද (22) එම වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

අදාළ ආසාදිත පුද්ගලයා මාළු රැගෙන පැමිණි අවස්ථාවලදී එම වෙළෙඳ සැල්වල ගැවසීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. ඩ්. අජිත් සංජීව මහතා පවසයි.

එම වෙළෙඳ සංකීර්ණයේ සියලුම වෙළඳ වෙළඳ සැල් හිමියන් සහ සේවකයන් ස්වයං නිරෝධාන ලක්කර පී. සී. ආර්. පරීක්ෂණයට භාජනය කිරීම පියවර ගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top