Oct 22, 2020

14වැනි Covid-19 මරණය වාර්තා වෙයි

මෙරට සිදුවූ 14 වැනි කොවිඩ්-19 මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

දිනයේදී කුලියාපිටිය රෝහලේ සිටි ඇය, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත මාරු කර තිබුණි.

මෙම කාන්තාව නිදන්ගත රෝග රාශියකින් පෙළි ඇති බවත්, ඇය අදාල නිදන්ගත රෝග වල සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයක දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top