Oct 22, 2020

ව්‍යාජ සාක්ෂි නිර්මාණයට එරෙහිව ගානියාට අධිචෝදනා

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණුකර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියාසිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් තමා පැහැර ගනු ලැබූ බවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා ගොණු කර ඇති බවය.

පසුගිය වසරේ නොවැම්බර් මස 25 වනදා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් කුරුඳුවත්ත ප්‍රදේශයේදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පස්දෙනෙකු විසින් පැහැරගෙන ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් විසිනි.

පැහැරගෙන ගොස් ලිංගික අතවර කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂකවරයෙකු වන නිශාන්ත සිල්වාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කර පසුව මුදාහැරි බවයි පැමිණිල්ලෙන් දක්වා තිබුණි.  

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top