Oct 22, 2020

විස්ස 2/3 සම්මතයි: රිෂාඩ් විපක්ෂයි: රිෂාඩ්ගේ පිලේ 4ක් පක්ෂයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර සම්මත විය.

එහිදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් හා විපක්ෂව ඡන්ද 65ක් ලැබිණි.

සමගි ජනබලවේගය සමග එක්ව තරග කර පාර්ලිමේන්තුවට පැමිණි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළහ.

කෙසේවුවද, බදියුදීන් මන්ත්‍රීවරයා ඊට විරුද්ධව ඡන්දය භාවිත කළේය.

මීට පෙර විරෝධය පළ කළ විජයදාස රාජපක්ෂ මහතාද පක්ෂව ඡන්දය භාවිත කළේය. සමගි ජනබලවේගයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශා්ධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නාය.

සබැඳි පුවත්
20 දෙවන වර කියවීම සම්මතයි

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top