Oct 23, 2020

කොස්ගම රෝහලෙන් පැනගිය පුද්ගලයා බොරැල්ලෙන් සොයා ගනී

අද (23) උදෑසනදී කොස්ගම, සාලාව රෝහලෙන් පැනගිය කොවිඩ් - 19 ආසාදිත යැයි සැකකෙරෙන පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සිටිය දී සොයා ගෙන තිබේ.

ඔහු 26 හැවිරිදි සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සොයා සිදුකළ විශේෂ මෙහෙයුමෙන් අනතුරුව බොරැල්ල ප්‍රදේශයේ සහස්පුර නිවාස සංකීර්ණයේ, 13 වන තට්ටුවේ නිවසක සිටිය දී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ වන විට අදාළ ස්ථානයට පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් ගොස් ඇති අතර ඔහු නැවත රෝහලගත කිරීමට කටයුතු කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top