Oct 23, 2020

ජීවිත ආරක්ෂාවට පොඩි ලැසී දැමූ පෙත්සම කැඳවන්න නියෝග

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාතාල කල්ලි නායක ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී විසින් යොමු කළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව පෙත්සම නැවත නොවැම්බර් මස 10 වැනිදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

බන්ධනාගාරය තුළදී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල ව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටින බවද අදාළ පෙත්සමෙන් සඳහන් කර ඇත.  

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top