Oct 23, 2020

කපිල් දේව් ට හෘදයාබාධයක්

ඉන්දියාවේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන කපිල් දේව්ට හෘදයාබාධයක් වැළඳී ඇතැයි වාර්තා වේ.

නවදිල්ලි රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඔහුගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

කපිල් දේව් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන අතර, ඉන්දියාව 1983දී සිය පළමු ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කළේ ඔහුගේ නායකත්වය යටතේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top