Oct 23, 2020

සජිත් පක්ෂය දුන් ඩයනාත් සමඟ මන්ත්‍රීලා 8ක් එළියටදායි

පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ අද (23) පස්වරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදීය.

එහිදී 20 වන සංශෝධනයට සහය දුන් සමගි ජන බලවේගය පක්ෂය සැදීමට පක්ෂය ලබාදුන් (අපේ ජාතික පෙරමුණ) ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අතුළුව මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.

මනෝ, අරවින්ද් සන්ධානයෙනුත් පන්නන බව කියයි

මේ අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයෙන් ද ඉවත් කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයාගේ සමාජිකත්වය දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ දේශපාලන මණ්ඩලය විසින් අත්හිටුවනු ඇති බවය.

ඊට අමතරව ඔහු නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණෙන් ඉල්ලිමක් කරන බවද ඔහු සිය පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට්

සබැඳි පුවත්
සජිත් විරෝධය මකාගන්න හකීම් හා රිෂාඩ් පක්ෂයෙන් පන්නන්න යයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top