Oct 23, 2020

ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය ; කළුතර තවත් හුදකලා ගම්මාන

කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ හා මරදාන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රියාත්මක වේ.

තවද, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට ලබන සඳුදා (26) පෙ.ව. 5.00 තෙක් නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇත.

කළුතර තවත් හුදකලා ගම්මාන

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක්ද නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර තිබේ.

මෙලෙස හුදකලා ගම්මාන ලෙස නම් කර ඇත්තේ ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල හා මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම්ය.

Curfew Imposed 22 10 20

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top