Oct 23, 2020

අද කොරෝනා රෝගීන් 865යි! දිනකදී වැඩිම රෝගීන් ගණන අද! 

අද දිනයේදී (23) දිවුලපිටිය-පෑලියගොඩ පොකුර ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 256 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන් 39 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් වන අතර ඉතිරි 217 දෙනා ආශ්‍රිතයන් වේ.

මේ අනුව අද දිනයේදී හමුවූ සමස්ත කොවිඩ්-19 රෝගීන් ගණන 865ක් වන අතර, එය දිනකදී මෙරටින් හමුවූ වැඩිම ආසාදිතයන් ගණනයි.

මේ අනුව දිවුලපිටිය-පෑලියගොඩ පොකුර 3,682ක් දක්වා වර්ධනය වී තිබේ.

වසංගත විද්‍යා අංශය විසින් අද (23) ප.ව. 10.00ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට වාර්තා වූ සමස්ථ කොවිඩ්-19 රෝගීන් ගණන 7,153කි. මේ වන විට 3,495 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් 3,644 ක්ද වේ. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 14කි.

සබැඳි පුවත් :
ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය ; කළුතර තවත් හුදකලා ගම්මාන

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top