Oct 24, 2020

රට යානාවලින් කටුනායක බහින ලාංකිකයන් නිසා රජය අලිඅමාරුවක වැටිලා Featured

විදේශගත මගීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන ඒම අත්හිටුවා  තිබුණද, වෙනත් රටවලින් ශ්‍රී ලංකාව හරහා ගමන් කරන විදේශීය ගුවන් සේවාවලට අයත් ගුවන්යානා මගින් විදේශගතව සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම නිසා රජය අලි අමාරුවක වැටී ඇතැයි වාර්තා වේ.

ඔවුන් ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත් ඇති ලාංකික පුරවැසියන්වීම නිසා රටට ඇතුළුවීම තහනම් කිරීමට ද හැකියාවක් නැතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙලෙස පසුගිය සතිය තුළ දිනකට 25 – 30ක් බැගින් වාර ගණනාවක් ලාංක මගීන් පැමිණ ඇතැයි පැවසේ.

මෙලෙස පැමිණ ඇති අය අතර වැඩි පිරිසක් විදේශීය පුහුණුවලට ගිය රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, තානාපති අංශ කාර්ය මණ්ඩලවල තැනැත්තන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයන් බව ද පැවසේ. 

මේ ආකාරයට කවුරුන් පැමිණියත් ඔවුන් දින 21ක අනිවාර්ය නිරෝධායනයකට ලක්කෙරෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top