Oct 24, 2020

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයට අදහස් ලබා ගැනීම ඇරඹෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භ වී ඇති බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුවට මහජන අදහස් යොමුකළ හැකි බව ඒ මහතා සඳහන් කරයි.

ඒ අනුව කාමර අංක 32, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07යන ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. නැමැති විද්‍යුත් ලිපිනයට ද මහජන අදහස් යොමු කළ හැකිය.

ලබන මස 30 වැනිදා දක්වා මහජන අදහස් ලබා ගන්නා බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top