Oct 24, 2020

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල දුම්රිය නතර නොවෙයි

දිවයිනේ පොලිස් වසම් 49 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ යත්තල්ගොඩ සිට කොළඹ කොටුව දක්වා, පුත්තලම මාර්ගයේ වයික්කාල සිට කොළඹ කොටුව දක්වා මෙන්ම මුහුදුබඩ මාර්ගයේ බෙන්තොට සිට කටුකුරුන්ද දක්වා දුම්රිය නතර කිරීමක් සිදුනොවෙයි.

එමෙන්ම මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් ද සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුන්ගේ විභාග කාලසටහන් අනුව යොදවා ඇති දුම්රිය සියලු දුම්රිය ස්ථානවල නතර කිරීමට කටයුතු කරනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top