Oct 24, 2020

දිස්ත්‍රික්ක 5ක සීමා වසා දමන ලෙස GMOA කියයි - සති අන්තයේ ඇඳිරි නීතිය දැඩිවෙයි Featured

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල පෙන්වා දියහැකි බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එම දිස්ත්‍රක්ක මගින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති හෙයින් ඒවායේ මායිම් සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගත යුතු බව ඔවුන්ගේ අදහස වේ.

එම තීන්දුව තවෙදුරටත් කල් දැමුව හොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

"සති අන්තයේ ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා"

නිරෝධායන ඇඳිරි නීතිය බලාත්මක පොලිස් බල ප්‍රදේශවල සති අන්තයේ එය දැඩිව ක්‍රියාත්මක කෙරෙයි.

ඒ අනුව එම ප්‍රදේශවල කිසිදු අයුරකින් වාහන නතර කර තැබීමට ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙමගින් කිසිදු බාධාවක් නොමැති බවද ඒ මහතා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top