Oct 24, 2020

දළදා වඳින්න හැඳුනුම්පත අනිවාර්යයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන සැඳැහැවතුන්ට ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් අද (24) සඳහන් කරයි.

කොවිඩ් - 19 වෛරස තත්වය හේතුවෙන් මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල හා ඒ ආශ්‍රිතව වෙසෙන පිරිස් දළඳා භුමියට ඇතුලුවීම තාවකාලිකවද නවතා ඇති බව එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

එසේම ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයට පැමිණෙණ සැදැහැවතුන් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top