Oct 24, 2020

පෑලියගොඩින් මාලු ගත් ආමි නිලධාරියෙකුටත් කොරෝනා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාලු මිලදී ගැනීමට ගිය යුද හමුදා කපිතාන්වරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

පෑලියගොඩ කොවිඩ් පොකුර නිසා ප්‍රදේශ රැසක මාළු වෙළඳපොළවල් සහ ධීවර වරායන් වසා දමා තිබේ.

ඊයේ (23) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 257 දෙනෙකු මීටපෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top